නිමල් රාජපක්ෂ –
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.45 ට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය අද පෙරවරු 8.00 පමණ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂකට ලක් විය.
අද දින පොහොය දිනයක් වන බැවින් එම දුම්රියේ සියළුම ආසන වෙන් වී තිබුණී. කෙසේ වෙතත් එම දුම්රිය පසුපසින් පැමිණි යාල්දේවී සීඝ්රගාමී දුම්රියට කාර්මික දෝෂයට ලක්වූ කන්කසන්තුරය දුම්රියේ සිටි මගී ජනතාව නංවා ධාවනය කිරීමට කටයුතු කල අතර එහිදී දුම්රිය දෙකක මගීන් එක් දුම්රියක ගොඩ වීම මත මගී ජනතාව අපහාසුතාවයන්ට ලක්ව ඇත.
කෙසේ වෙතත් කාර්මික දෝෂකට ලක්වූ කන්කසන්තුරය දුම්රිය මේ වන විටත් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර වේයන්ගොඩ හා ඉදිරි දුම්රිය ස්ථාන වල සිටින මගී ජනතාව් වෙනුවෙන් වේයන්ගොඩ සිට වෙනත් දුම්රියක් කන්කසන්තුරය දක්වා පෙරවරු 10.30 ට ධාවනය කිරීමට කටයුතු කොට ඇත.මේ හේතුවෙන් වෙන්කල ආසන මගීන්ට සිදුවුයේ දැඩි අපහසුතාවයකි.
