නිමල් රාජපක්ෂ-
2026 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස 01 වනදා දක්වා වු මාස දහයක් ඇතුළත දකුණු පලාතේ සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී මත් ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට හා බලපත්‍ර ස්ථානවල සිදුකල වැරදි සදහා සමථ ගාස්තු අයකොට රුපියල් 330,431,59.00 දඩ මුදලක් රජයට ලබා දීමට දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වී ඇත.
අදාල කාල සීමාවේදී‘ සැකකරුවන් 1205 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මෙමසෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී ස්ප්‍රිතු නිෂ්පාදනාගාර 63 ක්,නීති විරෝධී ස්ප්‍රිතු ළඟ තබාගත් පුද්ගලයින් 679 ක්,නීති විරෝධී මත්පැන් ළඟ තබාගත් පුද්ගලයින් 25ක් ,නියමිත බදු මුදල් පහර හරින ලද බීඩි ව්‍යාපාරිකයන් 16 ,නියමිත බදු මුදල් නොගෙවන ලද විදේශීය දුම්වැටි ළඟ තබාගත් පුද්ගලයින් 22ක්,විෂ මත්ද්‍රව්‍ය ලග තබාගත් පුද්ගලයින් 20 දෙනෙක් , බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිකළ ස්ථාන වල අලෙවියෙහි යෙදුන පුද්ගලයින් 363 ක් හා තවත් ග්‍රහණ 17ක් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල, බලපිටිය, ඇල්පිටිය, බද්දේගම, මාතර, මොරවක, වලස්මුල්ල, තංගල්ල, හම්බන්තොට, අගුණකොලපැලැස්ස, තිස්සමහාරාමය යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට තිස්තුන් කෝටියකට වැඩි දඩ මුදලක් අයකර ගැනීමට හැකිවී තිබිණ.
දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් කලා රසික විජේසිංහ මහතා ගේ උපදෙස් මත ,ගාල්ල සුරාබදු අධිකාරි වසන්ත සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ,දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මංජුල ලියනආරච්චි මහතා මෙහෙයවීමෙන් හා සහභාගීත්වයෙන් , සුරාබදු පරීක්ෂක ලක්ෂාන් පෙරේරා ,සුරාබදු පරීක්ෂක උදාර සම්පත් ,සුරාබදු සැරයන් මේජර් විරාජ් ,සුරාබදු සැරයන් 710 ජයන්ත, සුරාබදු කෝප්රල් 980 ඉන්දික ,සුරාබදු කෝප්රල්1108 හර්ෂනාත්,සුරාබදු කෝප්රල් 1117 උදාන , සුරාබදු නියාමක 1031 උපුල්,සුරාබදු නියාමක 1252 හසිදු ,සුරාබදු නියාමක 1279 චරිත්, කාන්තා සුරාබදු නියාමිකා 97 එරංගිකා , හා සුරාබදු නියාමක රියදුරු වන චන්දන හා ලක්මාල් යන යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.
