Spread the love

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (13) දිනයේත් උෂ්ණත්වය පිළිබදව අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.