නිමල් රාජපක්ෂ
පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වන විට කිරිඳිඔය ගංගා ද්‍රෝණියේ පිහිටි ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් හතර බැගින් ද වාන් දොරටු හතරක් අඟල් 6 බැගින් විවෘත කර තත්පරයට ගණ අඩි 3000කට ආසන්න ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙත නිකුත් කරමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරණ) වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම ගංගා ද්‍රෝණියේම පිහිටි අලිකොට ආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් එම අමතර ජලයද මේ වන විට කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින බැවින් කිරිඳිඔය ගංගා ද්‍රෝණියේ ජලාශවලට පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව කිරිඳිඔයෙහි ජල මට්ටම් වෙනස්වීම පිළිබඳ ව විශේෂ අවධානයෙන් සිටින්නැයි එම දෙපාර්තුමේන්තුව පවසයි.
මව් ආර ජලාශයද මේ වන විට වාන් දොරටු විවෘත කිරීම තුළින් තත්පරයට ඝන අඩි 1500කට අධික ජල ප්‍රමාණයක් මව් ආර වෙත නිකුත් කරමින් පවතිනවා. වලවේ ගංගා ද්‍රෝණියේ ජලාශවලට පහළ ගංගාවට ආසන්න ප්‍රදේශවල පදිංචි ජනතාව වලවේ ගඟෙහි ජල මට්ටම් වෙනස් වීම පිළිබඳ ව අවධානයෙන් කටයුතු කිරීම වැදගත්.
විශේෂයෙන් ම වාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරන අංශ මගින් වාන් දොරටු විවෘත කිරීම පිළිබඳ ව නිකුත් කරන නිවේදන අනුව කටයුතු කිරීම හා ගංගාවල ජල මට්ටම් පිළිබඳ ව අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.බව වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරණ) වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
