නිමල් රාජපක්ෂ
කොලොන්නාව ඇතුළු තදාසාන්න ප්‍රදේශ වලට නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය වෙනුවෙන් ආරම්භ කර ඇති කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු සොයා බැලීම අද දින (2026.09.23) සිදුකෙරිණ..
ගංවතුර පාලන ව්‍යාපෘතිය ආශ්‍රිත ක්ෂේත්‍ර පරීක්ෂාවන්ට, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුනසේකර යන අමාත්‍යවරුන් එක් වූහ..
කොලොන්නාවට බලපාන ගංවතුර පාලනයට, ප්‍රධාන ඇල මාර්ග 04ක් පුළුල් කර වැඩි ජල ධාරිතාවක් දැරිය හැකි පරිදි වැඩි දියුණු කෙරෙන අතර ජල රඳවන තටාක 07ක් ද, නිර්මානය කෙරේ..
සැලසුම් ගත ව්‍යාපෘතිය යටතේ සැළලිහිනි මාවත ඇල, දහම්වෙල ඇල, පස්සැන්න ඇල, දඬුතොට ඇල පුළුල් කර සංවර්ධනය කෙරේ.. ඉදිකෙරෙන ජල තටාක 07ලෙස, විවේකාරාම,තුප්පාවෙල,ගොඩැල්ල,සිරිපැරකුම් මාවත,බැලගම,දඬුතොට,කොටිකාවත්ත ප්‍රදේශයන් හි ස්ථානගතව ඇත.
මෙම ව්‍යාපෘතිය පිරිවැය රුපියල් මිලියන 15,000 කි. ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙය වීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සැලසුම් කර ව්‍යාපෘතිය සේවා ක්‍රියාත්මක කරයි.
ගංවතුර පාලන ව්‍යාපෘතිය සමඟාමීව ප්‍රධාන හා ග්‍රාමීය මාර්ග පද්ධතිය, කුඩා පාලම්, බෝක්කු, ජල බස්නා කාණු පද්ධති නවීකරණය කරන අතර ඇවිදින මංතීරු,ප්‍රවේශ මාර්ග,රුක් රෝපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
