නිමල් රාජපක්ෂ –
මාතර දුම්රිය වේදිකාවේ බංකුවක් මත රුපියල් නමලක්ෂ හතළිස් පස්දාස් එකසිය විස්සක් වටිනා රන් අබරණ හා මුදල් සමගින් අමතක වී ගිය බෑගයක් සිය අයිතිකරු සොයා බාරදීමේ පුවතක් මාතර දුම්රිිය ආරක්ෂක හමුදාවෙන් වාර්තාවෙයි.
අදාල සිද්ධිය වී ඇත්තේ පසුගිය 9 වන දින පස්වරු හයට පමණය . මාතර දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවේ බැංකුවක් මත මගියකු අයත් බෑගයක් අමතක වී ගිය ගොස් තිබියදී වේදිකාවේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරී 91212 කුලතිලක , ආරක්ෂක නිලධාරී 242 ආර්.එම් විතානගේ යන අය මුදල් පසුම්බිය සොයා ගෙන ඇත.
දුම්රිය ආරක්ෂ නිලධාරීන් දෙදනකුට හමුවී තිබේ. එම් අවස්ථාවේ මරදාන සිට ගාලුකුමාරි දුම්රිය ගමන් කිීරීමට පැමිණි මගියකුට අමතක වී ගොස් ඇතැයිද දුම්රිය ආරක්ෂක නිලධාරීන් අනුමාක කර තිබේ.
අදාල බෑගය සිය සේවා ස්ථානයට රැගෙනවිත් පරික්ෂා කිරිමේදී මුදලින් රුපියල් 67620 /= ක් වටිනා මුදල්ද , රුපියල් ලක්ෂ හතරක් වැඩි වටිනාකමින්යුතු නවග්රහ රන් මුදුවක්ද, කාකනිල්ඇල්ලු තවත් රුපියල් ලක්ෂ හතරකට වැඩි වටිනාකමින් යුතු රන් මුදුවක්ද , කරාබු වක් ද,බැංකු කාඩ් පත් හා තවත් මුදල් ගනදෙනු කරන කාඩ් පත් කිහිපයක් හැදුනුම් පතක් ,සේවා හදුනුම් පතක් ද එහි තිබී හමුවී ඇත.
පසුව එහිතිබු කෝට්ටේගොඩ ප්රදේශයේ තිබු ලිපිනටය පණිවිඩයක් යවා අදාල අයිතිකරු සොයා සිය මුදල් සමගින් බෑගය බාර දීමට මාතර දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී තිබේ.
අනුන්ගේ දේවල් සොරා ගන්නා යුගයක මෙවැනි සත්ක්රියාවක් සිදු කොට දුම්රිය දෙපාර්තුමේන්තුවට කිර්ති නාමයක් ලබා දුන් මෙවැනි නිලධාරීන් ඇගයීමට ලක්කල යුතුයි.
දකුණු පලාත භාර සහකාර ආරක්ෂක අධිකාරී ප්රදීප් ජයතිලක මහතාගේ උපදෙස් මත,මාතර දුම්රිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරී ,පරීක්ෂක එන්.කේ.ආර්.පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ,ආරක්ෂක නිලධාරීන්වන 91212 කුලතිලක , 242 ආර්.එම් විතානගේ යන අය අයිති කරුට මුදල් පසුම්බිය බාරදී ඇත.
