කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ජුනි 02 වනදා සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
ඒ අනුව, මේ වන විටත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂ මහ ලේකම්වරයා මැදිහත් වී අදාළ සාකච්ඡා පවත්වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ස්වාධීන කණ්ඩායම් හා අනෙතුත් දේශපාලන පක්ෂ සමඟ අදාළ සාකච්ඡා පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
