Spread the love

අගෝස්තු මස 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් කාණ්ඩයන් වනවා.

මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු 7% කින්, රජයේ රෝහල්වල 4.5% කින්, පන්සල් සහ ආගමික ස්ථානවල 6.3% කින් අඩු කර ඇත.

ඒ අනුව සමස්ථයක් ලෙස 5.94% කින් ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්.