නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව, මාතර, මිරිස්ස තල්අරඹවෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි, 2026 නොවැම්බර් මස 28 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුන්සිය හතලිස් හයයි (346) ග්‍රෑම් එකසිය අසුහතරක (184) පමණ තොගයක් සහිත උර දහහතක් (17), ඩිංගි යාත්‍රාවක් (01), වෑන් රථ දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එක් සැකකාරියක් (01) මිරිස්ස තල්අරඹමුහුද සහවෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුමේදී, අත්අඩංගුවට ගත් උර දහහත (17) සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව, අද දින (2026 නොවැම්බර් 29) සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම උර තුල පාර්සල් තුන්සිය හතලිහක (340) අසුරා, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුන්සිය හතලිස් හයයි (346) ග්‍රෑම් එකසිය අසුහතරක (184) පමණ තොගයක් ඇති බවට තහවුරු විය.
ඒ අනුව, මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය, එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාව (01) සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02), සහ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමට පැමිණි බවට සැකකෙරෙණ වෑන් රථ දෙකක් (02) සමඟ අත්අඩංගුවට ගත් සැකකාරිය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්ෂණය සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් කොමදෝරු ප්‍රසාද් ජයසිංහ සහ ගුවන් හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සමඟ සහභාගී විය.
එ
