Spread the love


නිමල් රාජපක්ෂ-

ඟොයම් කහවීම රෝග තත්ත්වයක් නොවන බවත් අවශ්‍ය පරිදි ගොයම් ගසට පෙහොර නොලැබීමෙන් කහ පැහැ ගැන්වෙන බවත් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

ගොයම් කහ පැහැතිවීම රෝග තත්ත්වයක් නොව ගොයම් ගසට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම නිසා සිදුවන ඌණ පෝෂණ තත්ත්වයක් බව ට සොයාගෙන ඇතැයිද බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය වැඩිදුරටත් පැවසුවේය

බොහෝ ගොවි ජනතාව වී වගාව සඳහා යුරියා පොහොර යොදා ඇතත් මියුරේට් ඔෆ් පොටෑෂ් MOP) හෙවත් බණ්ඩි පොහොර යෙදීමට පියවර ‌ නොගැනීම ‌ ගොයම් ගස් කහ වීමට හේතුවී තිබේ.

එමනිසා රජය විසින් ලබා දෙන පොහොර සහනාධාර මුදල් යොදා ගනිමින් බණ්ඩි පොහොර වී වගාව සදහා යෙදීමට ප්‍රමුඛත්වය ලබා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වී වගා කරන හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක් බැගින් රජය විසින් සහනාධාර වශයෙන් ලබා දෙන අතර මේ වනවිට රුපියල් මිලියන 4500කට ආසන්න මුදලක් ගොවි ගිණුම්වලට බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.