නිමල් රාජපක්ෂ

සෙනරත්ගම දුම්රිය ස්ථානය අසළ පාලමේ හානිවු ස්ථාන සකස් කොට ජනවාරි පළමු වැනිදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කිරීමට කටයුතු සිදු කරන්න හැකිවෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
උඩරට මාර්ගය විනාස වු ස්ථාන යළි පිළිසකර කිරිම සදහා ජනාධිපතිතුමා ඇතුළු රජය මැදිහත්වී විදේශීය ආධාර ලබා ගෙන අදාල කටයුතු සිද්ධ කරන්න වෙන බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් වරයා පැවසුවේය.
පුත්තලම් මාර්ගයේ බලවේග කට්ටල 5ක් හා දුම්රිය කට්ටලයකුත් කොළඹට ගේන්න නොහැකිව හිරවී තිබෙනවා. මාදම්පේ දුමරිය ස්ථානය ආසන්න යේ දුම්රිය මාර්ගයට සිදු වු හානිය නිසා එය මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් හිග කමනිසා යුධ හමුදාවේ සහාය අරගෙන කටයුතු කල හොත් එමදුම්රිය ටික කොළඹට ගේන්න හැකිවන බවද පැවසුවේය.
තව දුරටත්අදහස් දැක්වු කසුන් චාමර මහතා,
විඩියෝව නරඹන්න
