නිමල් රාජපක්ෂ
එළඹෙන මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සියළුම සුරාසැල් 14 සහ 15 යන දෙදිනතුළ වසා දැමීමට සුරාබදු දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.
අදාල දෙදිනෙහි බලපත්‍ර කොන්දේසි කඩකරමින් හෝටල් , ආපනශාලා හා රටබීම හල් වල මත්පැන් අලෙවි කල හොත් තරා තිරම නොබලා දැඩි දඩුවම් පැමිණවීමට හෝ බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.
මැතිවරණ සමයේ නීති විරෝධිමත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනිිම සදහා විශේෂ සුරාබදු කණ්ඩායම් දිවයින පුරා යොදවා ඇතැයිද සුරාබදු කොමාසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවිම මහතා පවසයි.