කළුතර අවිත්තාව, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් ගොස් ඇත.
සිද්ධිය වී ඇත්තේ අද පෙරවරුවේය.
මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු මෙම දියවලෙහි දිය නෑමට ගොස් තිබේ.
මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.
හදිසි මරණ පරීක්ෂණ හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිත අතර ඉත්තෑපාන පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.