Spread the love

නිමල් රාජපක්ෂ-

2026 ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පාසල් සිසුන්ට සිය සංචාරය වඩාත් සුවිශේෂී අත්දැකීමක් බවට පත් කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය දායක විය.

2026 ඔක්තෝබර් 2 සිට 7 දක්වා ඉන්දුනීසියාවේ පැවති මෙම ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාසල් සිසුන් 24 දෙනෙකු සහභාගී වූහ. ඔවුන් පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටම් ආවරණය වන අදියර හතරකින් යුත් තරගකාරී ජාතික තේරීම් ක්‍රියාවලියක් ඔස්සේ තෝරා ගනු ලැබීය. සෑම අදියරකදීම ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් ඊළඟ අදියර සඳහා තේරී පත් වූහ.

ළමා දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහනක් යටතේ, තරගාවලිය සඳහාසහභාගී වූසිසුන් 24 දෙනාගේම ගුවන් ගමන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුග්‍රහය දැක්වීය. රටවල් 23 කින් පැමිණි සිසුන් සමඟ තරඟ කළ මෙම සිසුන්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 10ක් ඇතුළුව විශිෂ්ට ජයග්‍රහණ සමඟින් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජාත්‍යන්තර වේදිකාවක් මත ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙම පාසල් සිසුන්ගේ සුවිශේෂී ගමනේ කොටස්කරුවෙකු වීමට ශ්‍රීලන්කන් ගුවන් සේවයට හැකිවීම මහත් ගෞරවයක් වූ අතර, ඔවුන්ගේ මෙම විශේෂ අත්දැකීම තවදුරටත් මතකයේ රැඳෙන එකක් බවට පත් කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවයට හැකි විය.