ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය” යන්න බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවේ කාන්තා දින ජාතික උත්සවය “ඇය දැයේ අභිමානයයි” යන තේමාවෙන් සංවිධානය කිරීමට කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ, සාක්ෂරතාවයෙන් ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව, අද දවසේ රටේ ආර්ථිකයට වෘත්තීමය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී බවයි.
එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.