නිමල් රාජපක්ෂ-
අරනායක බුලුගම්මන ප්රදේශයේ කේබල් ආධාරයෙන් මුවකු අල්ලා මස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු ම්ස් තොගයත් සමගින් පෙරේදා (11) කොටුකර ගත් බව බුලත්කොහුපිටිය අඩවි සහකාර උදය කරුණානායක මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 62 හා 52 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් අතර ඹවුන් කේබල් ආධාරයෙන් හා මුදු අටවා මෙසේ සතුන් දඩයම් කන බවත් එස් අල්ලා ගන්නා සතුන් මරා මස් කර වෙළදාමේ යෙදෙන බවත් වනජීවි නිලධාරින් කල ප්රශ්න කිරි්ම් වලදි සැකකරුවන් පාපොච්ජාරණය වි තිබේ..
සැකකරුවන් කැලැබද කදු සහිත ප්රදේශවලට මුදු අටවා අල්ලා ගත් මුවාගේ මස් කිලෝ දහයක් , මුදු 05 ක්, මුව හම , මුවාගේ ඹලුව සමගින් අං තට්ටුව අක්අඩංගුවට ගැනීමට වනජිවි නිලධාරී්න් සමත්වී ඇත.
අක්අඩංගුවට ගත් සැකකරුවන් මේ මස 18 වැනි දින අරනායක සංචාරක මහේස්ත්රාක් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතිය.
බුලත්කොහුපිටිය අඩවි සහකාරවරුන්වන උදය කරුණානායක , ,ඩබ්ලිව්.ඒ.යු.ජේ ජයසේන, ක්ෂේත්ර සහායකවරුන්වන කේ.ඒ.එන් කලුආර්ච්චි, ඩි.ඩබ්ලිව්.අනුර ජයතිස්ස, යන නිලධාරීහු මෙම වැටලම සිදු කළහ.
