නිමල් රාජපක්ෂ
මාර්ග අනතුරු වළක්වමු යන මැයෙන් අම්පාර , මොණරාගල හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල රථ වාහන රාජකාරියේ නිරත නිලධාරින් හා රාජ්‍ය නිලධාරින් සදහා රියදුරකු සත වගකිම් පිළිබදව දැණුව්ත් කිරීමේ වැඩ සටහනක් පසුගිය 27-28 යන දෙදින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිණි වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂන මහත්මිය පැවැත්වුහ.

එහිදී “මාර්ග අනතුරු වළක්වමු” යන මැයෙන් මාර්ග අනතුරු වැළැක්වීමෙහි ලා රියදුරන් සතු වගකීම් සහ ඒ සදහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ඉටුකරනු ලබන කාර්යය භාරය පිළිබඳ දැණුවත් කළහ. . තවද, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පැවසුවාය.
මේ සදහා ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් ප්‍රාදේශිය හා දිසා ලේකම් වරුන්, රියදුරු පාසල් හිමිකරුවන් සහ රියදුරු පුහුණුකරුවන්, ශ්‍රී ලංගම , ප්‍රාදේශීය මගී සේවා නියෝජිතයන් ආදි පිරිසක් සහභාගි විය.
එසේම, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා, සහ ග්‍රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය භාර නියොජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සදහා සහභාගී වුහ.
