මුල්කිරිගල ගුණරත්න
තංගල්ල ,කදුරුපොකුණ – පලපොත මාර්ගයේ පොල්පිටිය හන්දිය අසලදී (31) දහවල් යතුරු පැදියක් ටිපර් රථයක ගැටී බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල ,කදුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකු ලෙස රැකියාව කල ජයරත්න ගමගේ රොහාන් දිනේෂ් කුමාර නමැති 46 හැවිරිදි දෙදරු පියෙකි . ඔහු තම නිවසේ සිට අසල පිහිටි වෙළඳ සැලකට සිය යතුරු පැදියෙන් යමින් සිටියදී ටිපර් රථයේ ඉදිරිපස වම් පැත්තේ ගැටී ඇතැයි පොලිසිය පවසයි . අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
මේ පිළිබඳ මරණ පරීක්ෂණය (01) තංගල්ල හදිසි මරණ පරීක්ෂක ශ්‍යාමල් වර්ණකුලසූරිය මහතා විසින් තංගල්ල මූලික රෝහලේදී පැවැත්වීන
ටිපර් රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය චතුරංග මහතා අනතුර ගැන පරීක්ෂණ පවත්වයි .
