Spread the love

අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය 15 වැනිදා සිට අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසයි.

අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කරයි.