Spread the love


නිමල් රාජපක්ෂ-

ප්‍රථම වතාවට සිය පන්තියේ දරුවන්ට ටියුෂන් දෙන ගුරුවරුන් ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගත් බව ධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ පවසයි.

මධ්‍යම පළාතේ ගුරු හිගය පියවා ගැනිම සදහා සැම විටම උත්සහ දරණ බවත් ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම්ව සිදු කරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩජි දුරටත් පැවසුවේය.
ඒ මහතා එසේ පැවසුවේ ගුරු හිගයට පිළියමක් ලෙස විශේෂ දක්ෂතා ඇති අයට ගුරු පත්වීම් ලබා දුන් අවස්ථාවේදීය .

මධ්‍යම පළාතේ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙස උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 33 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට සහ විශේෂ අවශ්‍යතා ඇති 07 දෙනෙකු ගුරු සේවයට බදවා ගැනිමට අදාළ පත්විම් ලබා දිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යලයේදි 08දා සිදු කෙරෙුණි.

මෙහිදි උත්සව සභාව ඇමතු නිතිඥ ලලිත් යු ගමගේ මහතා ,
කවුරු කෙසේ කීවත් කළයුතු දේ නිසි අයුරින් ඉටු කිරීම සදහා තමන් කැපවී සිටින බව ත් හැමදාම වර්ජන කරන රටක් මෙහෙම වර්ජනය කරන්න ගියහොත් ගිනිස් වාර්තා පොතට යන තැනට පත්වෙලා.අහිසංක බදු ගෙවන ජනතාව විසින් රජයට බදු ගෙවමින් රජයේ සේවකයින්ට වැටුප් ගෙවමින් කටයුතු කරනවා.නොමිලයේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ලබා දෙන එකම රට අපේ රට.නමුත් අපෙන් රටට විය යුතු සේවය සිදුකරනවාද යන්න ප්‍රශ්නයක්. රජයෙන්ම සියලු දේ ලබා ගනිමින් රජයෙන්ම හැම දෙයක්ම ඉල්ලිම වැරදියි. අනාගත දරු පරපුරේ ගමන්මඟ සැලසුම් කරන්නේ ගුරුවරයාය. ඉගැන්වීමෙන් ඔබ්බට ගොස් සුවිශේෂී වටිනා සේවයක් දෙන්නේ ද මේ ගුරුවරුයන්ය නමුත් වර්තමානයේදි ඒ සියල්ල සිදු වනවාද යන්න ගැටලුවක්.තරගකාරි අධ්‍යාපන රටාව තුළ අද වන විට ටියුෂන් සදහා දරුවන් යොමු කිරිම සදහා දෙමාපියන් කටයුතු කරනවා.පළාතක් ලෙස අපි ප්‍රථම වතාවට සිය පන්තියේ දරුවන්ට ටියුෂන් දෙන ගුරුවරුන් ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිමට අප පියවර ගත්තා යැයිද ආණ්ඩුකාරවරයා පැවසිය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්.හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ යන මහත්හ මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.