Spread the love


නිමල් රාජපක්ෂ-


ඩෙල්ෆ් දුපතට මින් ඉදිරියට පැය 24 පුරාම විදුලිය විසන්ධියකින් තොරව ලබා දිය යුතු බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නිලධාරින්ට උපදෙස් ලබා දෙයි.

පසු ගිය කාලයේ සිය මැදිහත් විම මත විශාල ප්‍රමාණයේ ජෙන රේටර් උපයොගි කර ගෙන ඩෙල්ෆ් දුපතට අඛණ්ඩව විදුලිය ලබා දිමට කටයුතු කල අතර වර්තමානයේ එය එසේ නොවි වරින් වර විදුලිය විසන්ධි කරන බවට තමන්ට තොරතුර ලැබි ඇති බවද මින් ඉදිරියට එසේ නොවිමට කටයුතු කලයුතු බවද ප්‍රකාශ කළේය.
විශේෂයෙන් දිවයිනට බලපා ඇති දැඩි හිරු රශ්මිය නිසා ඩෙල්ෆ් වැසියන් දැඩි අපහසු තාවයට පත්ව ඇති බවද මේ දිනවල අ.පො.සා විභාග කටයුතු ආරම්භ විම නිසා විභාගයට පෙනි සිටින දරුවන් දැඩි අපහසු තාවයට පත්ව ඇත .
තවද ඒසේම එදිනෙදා ව්‍යපාරික කටයුතු සිදු කරන ව්‍යපාරික ප්‍රඡාවටද විශල බලපැමක් සිදු වි ඇති බැවින්ද මෙම ප්‍රදේශයේ විදුලිය අඛණ්ඩව ලබාදිමට කටයුතු කළයුතු බව පැවසුවේය.
මෙම ප්‍රදේශයේ සුලං විදුලි බලාගාර ව්‍යපෘති ආරම්භ කිරිමට රජය විසින් පියවර ගෙන තිබීම නිසා ඉදිරිකාලයේ ජනතාවට අඩු මිලකට විදුලිය ලබා දිමට හැකි බව අමාත්‍යවරයා පැවසුවේය..