Spread the love

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩ තහනමකට ලක් කර තිබේ.

සභාපතිවරයාට විරුද්ධව දිගින් දිගටම එල්ල වන චෝදනා සලකා බලමින් මෙම වැඩ තහනම ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.

සභාපතිවරයාගේ අවිධිමත් පරිපාලනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මීට පෙරද ඔහුට දැඩි අවවාද කර ද තිබින.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් නැවත සේවයේ පිහිටුවීම, අධ්‍යක්ෂ මණ්ඩල උපදෙස් නොතකා කටයුතු කිරීම, වාර්ෂික වාර්තා භාර දීමට කටයුතු නොකිරීම ආදී චෝදනා රැසක් සභාපතිවරයාට එල්ල වී ඇති බවය.