මෙරටට ආනයනය කරන ලද බහාලුම් 2527ක් නිදහස් කිරීමට රේගු කමිටුව විසින් තීරණය කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (6) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම බහාලුම්, අඩු අවදානම් ගණයට අයත් ඒවා ලෙස හඳුනාගෙන ඇති අතර, ඒවා සම්බන්ධයෙන් කිසිදු නීතිවිරෝධී ද්‍රව්‍යයක් පිළිබඳව බුද්ධි අංශ වාර්තා ලැබී නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද, මෙම බහාලුම් සඳහා ගෙවිය යුතු සියලු බදු හා තීරුබදු නිසි පරිදි ගෙවා ඇති බවද ඔහු අවධාරණය කළේය.
