මස්කෙළිය සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරමින් සිටි කම්කරුවන් මතට තවත් පස් කනද්ක් කඩා වැටීමෙන් යට වී සිටි පිරිස මුදා ගෙන රෝහල් ගත කිරිමට අවට පදිංචිකරුවන් (06) දින සමත් වී ඇත.
මස්කෙළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග (05) දින පස් කන්දක් කඩා වැටුණු බවත්, එම පස් කන්ද (06) දින ඉවත් කරමින් සිටියදී දහවල් 12:00ට පමණ තවත් පස් කන්දක් කඩා වැටුණු බවත්, පසුව ප්‍රදේශවාසීන් මස්කෙළිය රෝහලේ වෛද්‍යවරුගේ සහයෝගය ඇතිව පස් කන්දට යට වී සිටි පුද්ගලයින් 5 දෙනා ගොඩට ගෙන මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.
රෝහල් ගත කල පුද්ගලයන්ගෙන් එක් අයෙකු දික්ඔය මූලික රෝහලට මාරැ කර යැවු බවත්, සෙසු තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
