Spread the love

එළඹෙන ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිමට කටයුතු කරන බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහලේකම් හිටපු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුප්පයියා සදාසිවම් මහතා පැවසිය.

සුප්පයියා සදාසිවම් මහතා ඒ බැව් කියා සිටියේ (25) දින එළඹෙන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහ වෘත්තිය සමිති එකමුතුවේ සහය ලබාදිම සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කිරිම සදහා නුවරඑලිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදිය.