Spread the love

නිමල් රාජපක්ෂ-

මෙරට වනාන්තර පද්ධතිය මතු පරපුරට රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන වන “වනස්පති” ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ අතින් නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී අද 09/26 දින සිදු විය.

නුවරඑළිය වන ව්ද්‍යායතනයේ සිදු සිදු කල ක්ෂේත්‍ර චාරිකා වැඩසටහනකදී ගරු අමාත්‍යතුමන් විසින් මෙම ගැසටි පත්‍ර සදහා අත්සන් තැබීම සිදු කල අතර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි වන සංරක්ෂක ජනරාල් එස්. සී පාලමකුඹුර මහතා, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිදකුඹුර මහත්මිය, නුවරඑළිය දිසා වන නිලධාරී පරාක්‍රම වනිගසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක් විය.

ඒ අනුව අද දිනයේ නුවරඑළිය,කෑගල්ල අම්පාර, බදුල්ල, වව්නියාව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුල පිහිටි වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ අතර එහි භුමි ප්‍රමාණය හෙක්ටයාර 9538කට ආසන්නයි.

එමෙන්ම අඩ් 5000ට ඉහලින් පිහිට් කදුකර වනාන්තර සුරක්ෂිත කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමිව හෙක්ටයාර 1419ක භූම් ප්‍රමාණයකින් යුතු නුවරඑළිය ඇල්ජින් වනාන්තරයද අද රක්ෂිතයක් ලෙස ගැසට් ව්ය.

ඒ අනුව පිදුරුතලාගල, කදපොල – සීතාඑලිය, කොනිකල් – නානුඔය, පට්ටිපොළ – අඹේවෙල යන වනාන්තරද ඇතුළුව හෙක්ටයාර 2000කට අධික වනාන්තර අඩ් 5000ට වැඩ් කදුකර වනාන්තර ලෙස ගැසට් කර ඇත.

මේ වන විට වත්මන් රජයේ පරිසර අමාත්‍යංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර අද දිනයේ ගැසට් වු රක්ෂිත 20ත් සමග ඒවායෙහි මුළු භූම් ප්‍රමාණය හෙක්ටයාර 65,000කට අධ්කය.

පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වනස්පති ජාතික වැඩසටහන ලෙස අප හඳුන්වන්නේ වෘක්ෂ සමූහයක් සඳහා තම ආරක්ෂාව හා පෝෂණය ලබා දෙන මහා දැවැන්ත රැකවරණයක් වන අතර එය වනාන්තර පද්ධතියක මුරකරුවා ලෙසද හැදින්විය හැකියි.
ශ්‍රී ලංකාවේ වටිනා වන සම්පත සහ ජෛව විවිධත්වය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කරලීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය මඟින් “වනස්පති” ජාතික වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ 2025 වසරේ ජගත් පරිසර දිනයේ සිට වන අතර මෙම ජාතික වැඩසටහන පරිසර අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තු‍වේ මැදහත්වීමෙන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටියි.

ජාතික ජන බලවේග රජයේ “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම පොරොන්දුවක් වූ ලස්සන පරිසරයක් මතු පරපුරට උරුම කරදීම උදෙසා කැපවීමේ එක් අරමුණක් ලෙස 2032 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර ප්‍රමාණය 32% කින් ඉහළ නැංවීමේ දිගුකාලීන ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් මෙරට සංවේදී වනාන්තර කලාප නීත්‍යානුකූලව ආරක්ෂිත රක්ෂිත බවට පත් කිරීමේ සිදු වේ.