Spread the love

වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන් හා විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වින.

එහිදී ගත් තීන්දු අනුව අද පස්වරු හතරේ සිට වැඩ වර්ජනය අතහැර සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කිරීමට තැපැල් සේවකයන් එකඟ වූ බව ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වෘත්තීයත් සමිති නායකයන් කියා සිටියේ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරක් ලැබෙන තුරු වර්ජනය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවයි.