නිමල් රාජපක්ෂ-
කැනඩාව, එංගලන්තය සහා නෙදර්ලන්තයේ සිට ව්‍යාජ ලිපියනයන් වෙත එවා තිබු රුපියල් මිලියන 9 ක් වටිනා මත්පෙති තොගයක් මධ්‍ය තැපැල් හුවමාරවෙදි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල, වැල්ලවත්ත ,වේයන්ගොඩ, අනුරාධපුර යන ප්‍රදේශ වල ව්‍යාජ ලිපියනයන් වෙත එවා තිබු පාර්සල් 10 ක් කඩා පරික්ෂා කිරිමේදි එහිතිබිී මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 150 ක් හා kush නැමැති ගංජා විශේෂය 466g ද කොකේන් 10g සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, සිවලී අරුක්ගොඩ.මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 10 පරීක්ෂා කිරිමේ දි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්වී ඇත.
ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ඇතිව මෙම වැටලිම සිදු කළහ.
අවසන් පරික්ෂණ කටයුතු සදහා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාරදී තිබේ