Spread the love

මුල්කිරිගල – ගුණරත්න

 බෙලිඅත්ත ,ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේදී  නීති විරෝධී අයුරින් බදින තුවක්කුවක් ලග තබාගත් පුද්ගලයෙකු  (9) සවස අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි.                                සැකකරුගේ නිවසේ දර මැස්සක් තුළ මෙම ගිණිඅවිය සගවා තිබියදී පොලීසිය සොයාගෙන ඇත.
  සැකකරු (10) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. .                                  තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ඕකවෙල පොලිසිය සැකකරු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .