ඉන්ධන මිල ගණන් අඩු වුවත්, ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවයි එහි සභාපති, ලලිත් ධර්මසේකර අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
පෙට්‍රල් ලීටරයෙන්ම අඩු වී ඇත්තේ රුපියල් 10ක් පමණක් බවත්, සාමාන්‍යයෙන් ලීටරයකින් කිලෝමීටර් 20ක් පමණ ධාවනය කළ හැකි අතර, එවිට කිලෝමීටරයකට අඩුවන්නේ ශත 50 ක් පමණක් බවත්, එය ප්‍රයෝගික නොවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
