දේවින්ද පිණිදිය
ගාල්ල ධීවර වරාය පරිශ්රයේ පිහිටි බෝට්ටු නඩත්තු අංගනය තුළ අද දින (2026 නොවැම්බර් 08) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපවැත්වීමට දකුණු නාවික විධානයේ ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරනු ලැබීය.
ඒ අනුව, ධීවර වරාය පරිශ්රයේ බෝට්ටුවක හදිසි ගින්නක් හටගෙන ඇති බව නිරීක්ෂණය කල ශ්රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය, කඩිනමින් ක්රියාත්මකවී, ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය, ගාල්ල නාගරික ගිනිනිවීමේ ඒකකය සහ ධීවර ප්රජාවගේද සහය සහිතව ගින්න පාලනය කර, පැතිරීම පාලනය කරනු ලැබීය.
තවද, ඕනෑම හදිසි ආපදා තත්වයකදී මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම සඳහා නාවික හමුදාව, නිරන්තර සූදානමින් සිටියි.
