Spread the love

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් මේ වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (16) දිනයේ සිට ආරම්භ කෙරේ.

නමුත් අද දිනයේ පළාත් තුනක පාසල් 640ක් ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් මෙලෙස ආරම්භ නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේය

තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේ සිට ලබන 22 වන සඳුදා තෙක් පැවැත්වීමට නියමිත අතර 23 වන දින සිට 28 වන දින දක්වා පාසල් නිවාඩු ලබා දී මට නියමිතය.

තෙවන පාසල් වාරයේ තෙවන අදියර දෙසැම්බර් 29 වන දින සිට දෙසැම්බර් 31 දින තෙක් පැවැත්වීමට නියමිත අතර 2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වාරය ජනවාරි මස පළමුවන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා විභාග පැවැත්වීමට ජනවාරි මස 10 වන දින සිට 20 වන දින තෙක් පාසල් නිවාඩු ලබාදීමට නියමිතව ඇත‍

2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 21 වන දින සිට පෙබරවාරි මස 13 වන දින තෙක් පැවැත්වෙන අතර පෙබරවාරි 14 වන දින සිට මාර්තු මස 2 වන දින දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු ලබාදීමට නියමිතය.