Spread the love

නිමල් රාජපක්ෂ‍


කෑගල්ල අරනායක මුලුගම්මන ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදි සතුන් මරා හෝටල් වලට අලෙවි කරන සැකකරුවකු වටලා ආයුධ තොගයක් පෙරේදා (11) සවස අත්අඩංගුවට ගත් බව බුලත් කොහුපිටිය වනසත්ව අඩවි සහකාර කේ.පී උදය කරුණායක මහතා පවසයි.
අඩවි වන නිලධාරී මුර සිංචාරයේ නිරතු වු අවස්ථාවේදී හෝටල් වලට මහා පරිමානයේ දඩමස් ජාවාරම සිදු කරන පුද්ගලයක් කොටු කර ගැනිමට සමත්වි ඇත .


පසුව ඹහුගෙන් ප්‍රශ්න සිදු කල පරික්ෂාවකදී අදාල සැකකරු ලග තිබී බෝර 12 තුවක්කුවක් ,සතුන්ට බදින තුවක්කු 4ක් , වෙඩි බෙහෙත් තොගයක් , සතුන් අල්ලා ගැනීමට යොදා ගන්නා උගුල් 100 ක් , හිස් පතරොම් කොපු 30 ක්, රතිඤ්ඤා කරල් 30 ක්,නිලාකූරු15 ක්, ඉත්තෑමස් තොගයක් , ඇතුලු උපකරන තොගයක් සොයා ගැනීමසට අඩවි වන නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වැටලීමේදී බුලත්කොහුපිටිය වනසත්ව අඩවි සහකාර කේ.පී උදය කරුණානායක මහතාගේ මුලිකත්වයෙන් අඩවි සහකාර උදිත් විදුරංග. වනසත්ව නියාමක කේ.පී. සමිත සදරුවන් ,කේ. ඒ. නාරද කලුආරච්චි, රියදුරු සමන් යන නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.