Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද සවස 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලීපැනීමකට ලක්විම හේතුවෙන් කාර්යාල නිමවී නිවෙස් බලා යන මගින් දැඩි අපහසුතාවයට පත්වුහ..

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා මතුව ඇත.
මරදාන දුම්රිය ස්ථානය ආසන්නේ සිදුවූ පිලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු සිදු කරනු ලබන මාර්ග තුනෙන් දෙකක් මේ වන විටත් අවහිරව ඇත.

කොළඹ දෙසට දුම්රිය ඇතුලත් කිරීම් හා කොළඹ සිට පිටත් කිරීම් සඳහා ඇත්තේ එක් දුම්රිය මාර්ගයක් වන බැවින් අද දින ප්‍රධාන මාර්ගයේ ,උතුරු මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ දුම්රිය තව දුරටත් ප්‍රමාද වේ.