නිමල් රාජපක්ෂ-
දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසක් එක් කිරීමට ගත් තීරණය තාවකාලික ව ඉවත් කිරීමට තීරණයක් ගත් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් ගැන සලකා මෙම තීරණය ගත් බවත් අද (17) රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එම තීරණයත් සමගින් දුම්රිය රියදුරන් අද(17) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය අත්හැරිය බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පැවසුවේය.
