Spread the love

බත්තරමුල්ල, මිරිහාන, මාදිවෙල , නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව ය න ප්‍රදේශවලට අද (23) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවන නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත් හිටුවීමට සිදුව තිබෙනවා.