Spread the love


නිමල් රාජපක්ෂ

මහජනතාවට ඉතා කාර්යක්ෂමව උපරිම සේවාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් ලබා දිමට ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි

මීට අමතරව ඉදිරියේදී ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙක් යුතු මාර්ග සංඥා පුවරු ඉදිකොට එම පුවරුවට අදාළ මාර්ගයේ වායු තත්ත්වය පිළිබදව දත්ත ලබා ගත හැකි නවීන යන්ත්‍ර සවි කිරීමේ ව්‍යාපෘතියක් ඉදිකිරීිමට පියවර ගන්නා බව .ද වැඩි දුරටත් පැවසුවේය


මෙම ව්‍යාපෘතිය සදහා වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසුවේය.
.
ඇමතිවරයා එසේ පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට පිහිටි කාර්යාලය වෙත පසුගියදා (30) නිරීක්ෂණක චාරිකාවක යෙදුණු අවස්ථාවේදීය මෙහිදි මහජනතාවට සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු වුණි.

මෙදින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු නිකුත් කිරීමේ අංශය නිරීක්ෂණය කිරීමේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළ සේවාලාභින් බොහෝ පිරිසක් තම නව අංක තහඩු නැවත රැගෙන ගොස් නොමැතිව එම ආයතනය තුළ ගොඩ ගැසී ඇති ආකාරය අමාත්‍යතුමන්ගේ නෙත ගැටුණි. අංක තහඩුව මුද්‍රණය වී අදාල අංශය වෙත ලැබුණු පසු සේවා ලාභියාට එය දැනගත හැකි වන පරිදි sms පණිවිඩයක් සේවාලාභියාගේ දුරකථනයට යොමු කිරීම සඳහා එහිදී සාකච්ඡා වුණි.


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිතව ඇති යතුරුපැදි , කාර්, බස්, ලොරි, වෙළඳ වාහන , ත්‍රීවීල්, විමර්ශන, කාර්මික , තොරතුරු තාක්ෂණ වැනි අංශ ද නිරීක්ෂණය කළ අමාත්‍යතුමන් එම අංශවලින් සපයන සේවාවන් පිළිබඳව සේවාලාභීන්ගේන්ද අදහස් විමසන ලදී.

සේවාලාභීන්ගේ කාලය තවදුරටත් ඉතිරි කරදීම උදෙසා කළ හැකි කාර්යයන් පිළිබඳවද එහිදී විශේෂයෙන් සාකච්ඡා වුණි.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍යතුමන් මහජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට කැපවන ලෙස එහිදී උප දෙස් දුන්නේය.