නිමල් රාජපක්ෂ
හොරවල මානමුල්ල ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු මතුගම සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු ස්ප්‍රීතු බෝතල් 10 ක් දගරයක් , ගෝඩා හා පෙරණ උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව මතුගම සුරාබදු ස්ථානාධිපති ජගත් සිල්වා මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් 40.000 /= දඩ මුදලක් ගෙවන ලෙස නියම කළහ.
සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවීපතිරණ මහතාගේ උපදෙස් මත, කළුතර සුරාබදු අධිකාරි සුගත් කොළොන්න මහතාගේ අධීක්ෂණය යටතේ , මතුගම සුරාබදු ස්ථානාධිපති ජගත් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් , පරීක්ෂක ගයාෂාන් , කෝප්ප්‍රල් වරුන්වන වාද්දුවගේ , ඉෂාන් , රියදුරු කසුන් යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
