–
නිමල් රාජපක්ෂ-
රජයක් වශයෙන් නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍යමය සහයෝගය මෙන්ම ආයතන අතර සම්බන්ධතාව ගොඩනැගීමේ වගකීම රජය උපරිමයෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අද (අගෝස්තු 05) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ නව ව්‍යවසායකත්වය හා තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතන එක්ව තාක්ෂණික උපකාරක පද්ධති (Incubation Centres) ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) මගින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යාපනය, රජරට සහ රුහුණු විශ්වවිද්‍යාල ආශ්‍රිතව ‘Technology Incubation Centres’ ස්ථාපිත කර ඇති අතර, ඒවායින් මූලාකෘති සංවර්ධනය, නිෂ්පාදන සැලසුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය සඳහා උපදේශන සපයයි.
