Spread the love

නිමල් රාජපක්ෂ

​දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණික ප්‍රදර්ශනයක් වන ‘Intex – InMac Sri Lanka 2026’ අද (05) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

​සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ මෙතෙක් වැඩිම අපනයන ආදායමක් උපදවන සහ ආර්ථිකයේ මූලික කුළුණක් වන අංශය බවයි. අනාගත තරගකාරිත්වය ජය ගැනීමට නම් නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ තාක්ෂණය අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම ප්‍රදර්ශනය ආයෝජන සහ තාක්ෂණ හුවමාරුව සඳහා කදිම උත්ප්‍රේරකයක් වනු ඇති බව ප්‍රකාශ කළේය.

​එසේම, එරාවුර් රෙදිපිළි උද්‍යානය සංවර්ධනය කිරීමට සහ SLITA ආයතනය හරහා අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවීමට රජය ඉදිරියේදී විශාල ආයෝජන සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

​මෑතකදී ඉන්දියාවේ පැවති ‘Bharat Tex’ ප්‍රදර්ශනයේදී ඉන්දියානු අමාත්‍යවරයා හමුවී නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA), ඇඟලුම් කෝටා සහ GSP+ සහන පිළිබඳව සාකච්ඡා කළ බවද පැවසූ අමාත්‍යවරයා, සිය කතාව අවසන් කරමින් එළඹෙන 2027 ජනවාරි 14 – 17 දිනවල BMICH හිදීම පැවැත්වෙන ‘Expo 2027’ සඳහා ද එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කර සිටියේය.

​කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති යසස් හේවගේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් සහ විදේශීය නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. රටවල් 15කට අධික ප්‍රමාණයකින් ප්‍රදර්ශකයන් 250කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම ප්‍රදර්ශනය අද සිට ලබන 7 වැනි දින දක්වා පැවැත්වේ.

නිමල් රාජපක්ෂ-