Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

මෙම නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු පිරිස පිළිවෙළින්, බ්‍රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්‍යය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා රාජ්‍යය නියෝජනය කරති.

ඒ අනුව අද දින ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පහත පරිදි වේ.

තානාපතිවරුන් ලෙස :

  • Jorge Geraldo Kadri මහතා –බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ තානාපති
  • Wei Huaxiang මහතා – චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති
  • ආචාර්ය Robert Zischg මහතා –ඔස්ට්‍රියා ජනරජයේ තානාපති
  • Eric S. Meyer මහතා –ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති
  • Francisco Manuel Comprés Hernández මහතා –ඩොමිනිකන් ජනරජයේ තානාපති
  • ආචාර්ය Mohammed Abdalla Ali Eltom මහතා –සුඩාන් ජනරජයේ තානාපති
  • Nubiela Yanarith Ayala මෙණෙවිය –පැනමා ජනරජයේ තානාපති

මහ කොමසාරිස්වරුන් ලෙස:

  • D.M. Salahuddin Mahmud මහතා –බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස්
  • මහාචාර්ය Kwasi Obiri-Danso මහතා –ඝානා ජනරජයේ මහකොමසාරිස්
  • Siti Arnyfariza Md Jaini මිය–බෲනායි ඩාරුසලාම්හි මහකොමසාරිස්
  • Dharamkumar Seeraj මහතා–ගයනා සමූපකාර ජනරජයේ මහකොමසාරිස්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.