භික්ෂූන් වහන්සේ මෙන් ම සැදැහැති දායකයන් විසින් උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පොහොය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහොය දිනය සලකනු ලබයි.
බුදුරජාණනන් වහන්සේ රාහුල තෙරණුවන්ට රාහුලෝ වාද සුත්‍රය දේශනා කර ඇත්තේ අදවන් පොහොය දිනයක වන අතර එහිදි රාහුල තෙරණුවන් රහත්භාවයට පැමිණ ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පළමු ධර්ම සංගායනාව පවත්වනු ලැබුවේ අද වන් පොහොය දිනයකයි.
