අමෙරිකාවේ බටහිර නිව්යෝර්ක් හි සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇතැයි විදේස් වාර්තා සදහන් කරයි
අමෙරිකානු -කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටි බස්රථයක් පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ
ඉන්දියාව, චීනය සහ පිලිපීනයෙන් පැමිණි සංචාරකයින් මෙම බස්රථයේ ගමන් කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 52 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්ය.
අනතුරත් සමඟ පුද්ගලයින් බස්රථයෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර එරට පොලීසිය පවසන්නේ බොහෝ දෙනෙක් ආසන පටි පැළඳ නොසිට ඇති බවය.
අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ ළමුන් කිහිපදෙනෙකු ද ගමන් කර ඇති අතර පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
