Spread the love

මුල්කිරිගල ගුනරත්න

නිවැසියන් විනෝද චාරිකාවට ගොස් ආපසු නිවසට පැමිණ බලද්ද කුස්සියේ මුළුතැන්ගෙයි සගවා තිබු රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් අභරණ තොගයක් හා ගෑස් සිලින්ඩරය සොරා ගෙන ගොස් ඇතැයි වලස්මුල්ල පොලිසීය පවසයි.

සිද්ධිය වී ඇත්තේ පසුගිය 28 වැනිදායි. මොරකන්දගොඩ ප්‍රදේශයේ යුධහමුදා නිලධාරියකුගේ නිවසකිණි. මෙහිදි රන්මාල දෙකක් හා රන් මුදුවක් පෙටිටියක දමා මුළුතැන්ගෙයි මුට්ටියක සගවා ගොස් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගි තිබිණ. පසුව නිවසට පැමණ බලද්දී පෙට්ටියක දමා කුස්සියේ වලන් ගොඩ අස්සේ සගවා තිබු රන්අභරණ තොගය හා ගෑස් සිලින්ඩරය සොරාගෙන ගොස් ඇති බැවින් පොලීසියට පැමිණිලි කොට තිබේ.

සැකකරුවන් . නිවසේ මුලුතැන්ගෙයි ජනේලයකින් ඇතුලුවී මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය පවසයි .

වලස්මුල්ල පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි