ජාතික ජන බලවේගයට ලැබෙන්නේ උරුලෑවන් ගියපු පාරක් බවත් එම පාර ආරම්භයේ සිටම පිරිසිඳු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
ඒ අනුව බිය හා ලැජ්ජාව මත පදනම්ව නීතියේ ස්ථාවරවත්වය සෑදීමට කටයුතු කරන බවයි ඊයේ (25) කොළඹ පැවති ජාතික ජන බලවේගයේ කාන්තා රැළියට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ජාතික ජන බලවේග ආණ්ඩුයක් යටතේ “නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි” යන වැකියට පන ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
පියවරෙන් පියවර ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ක්රමවත් වැඩපිළිවෙළක් අද (26) එළිදැක්වීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.