නුවරඑලිය මහ නගර සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන 2025 වසරේ නුවරඑලිය වසන්ත උදානයේ සමාරම්භක උත්සවය (01) දින නුවරඑලිය මහජන වෙළදපොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දි පවත්වනු ලැබුවා.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේඛම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වසන්ත උදාන සමාරම්භක උත්සවය නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් විජේකෝන් බණ්ඩාර මහතා විසින් සංවිධානය කර තිබුණි.
පාසල් ළමුන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් සංස්කෘතික සහ තූර්යවාදක පෙළපාලි ගණනාවකින් මෙම සමාරම්භක උත්සවය වර්ණවත් කරනු ලැබුවා.
(01)දින සිට මෙ මස (30) දින දක්වා නුවරඑලිය වසන්ත උදානය පැවැත්වෙන් අතර එම කාලය තුළ නුවරඑලිය නගර සීමාව කේන්ද්‍රකර ගනිමින් සැනකෙලි, සංගීත සංදර්ශන, තුරග තරග, මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරග, මල් ප්‍රදර්ශන ඇතුලු තවත් ඉසව් ගණනාවක් පැවැති වීමට නුවරඑලිය මහ නගර සභාව විසින් පියවර ගෙන ඇත.
නුවරඑලිය වසන්ත උදානයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් දියත් කර ඇත.
මෙම සමාරම්භක උත්සවයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේඛම් මංජුලා මඩහාපොල මහත්මිය, නුවරඑලිය දිස්ත්‍රික් ලේඛම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් රැසක් සහභාගි විය.
