Spread the love

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර ජනන යන්ත්‍ර 02 ක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබේ.

අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බවයි වාර්තා වෙන්නේ.

පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මකවීමෙන් එහි ජනන යන්ත්‍ර 03 ම අක්‍රීය වූ අතර එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් අහිමි විය‍