නිමල් රාජපක්ෂ
තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ 50 ක වැඩි වටිනාකමක් ඇති විදේශීය මත්පැන් තොගයක් බොරැල්ල ප්‍රදේශයෙන් එක් සැකකරුවකු සමගින් ගම්පහ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් බෝතල් 175 ක් තිබු බව ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතා පවසයි.
මෙම වැටලීම සිදු නොකර විදේශීය මත්පැන් තොගය වෙළද පොලට ගියේ නම් රුපියල් ලක්ෂ 22 බදු ආදායමක් රජයට අහිමි වන බවද රොහාන් රණසිංහ මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සමගින් සැකකරු ඊයේ (10) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිළිගත් සැකකරුට මහේස්ත්‍රාත් වරයා රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළහ.
බස්නාහිර පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත , ගම්පහ සුරාබදු අධිකාරි ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ ,ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ සුරාබදු ස්ථානයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න