හැටන් සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් දක්වා ඇද ඇති 33000V අධි බලැති විදුලි රැහුන් පද්ධතියක් මතට යූ කැලිප්ටිස් වර්ගයේ ගසක් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහුන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, එම තත්වය මත ප්‍රදේශ රැසකට විදුලිය ඇනහිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා පැවසීය.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග (20) දින රාත්‍රියේ මෙම ගස කඩා වැටි ඇති බවත්, කඩා වැටුණු ගස කපා ඉවත් කර විදුලිය යථා තත්වයට පත් කිරිමට පවතින වර්ෂාව සහ දැඩි සුළං තත්වය හමුවේ බාධා පැමිණ ඇති බවයි නිමල් සමරකොන් මහතා කියා සිටියේ.
අධි බලැති විදුලි රැහුන් පද්ධතිය කඩා වැටීම නිසා පතන ශ්‍රීපාද විද්‍යාපීඨය ඇතුලු ඩෙවෝන් ප්‍රදේශයෙ විදුලි පාරිභෝගිකයන් රැසකට විදුලිය ඇනහිට ඇති බවයි නිමල් සමරකොන් මහතා තව දුරටත් කියා සිටියේ.
