ඊයේ රාත්රියේ ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්රදේශ රැසක විදුලි බිඳ වැටීම වාර්තා වෙයි.
ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායම් යොමු කර ඇති බවයි.
තවදුරටත් එවැනි බිඳවැටීම් ඇත්නම් මණ්ඩලයේ ජංගම යෙදවුම හරහා හෝ 1987 කෙටි අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද මහජනතාවගේ ඉල්ලා සිටී.
රාත්රියේ ඇති වූ සුලං තත්ත්වය මත ගස් කඩා වැටීම් හේතුවෙන් රට පුරා මාර්ග රැසක ගමනාගමන කටයුතුද අඩාළවි ඇත.
